FAST NEWS

24×7 Around the Globe

පීඩනය හා ලෝක කුසලානයට ක්‍රිඩකයින් තොරන සැලසුම හතුරු හෙළි කරයි..

බංග්ලාදේශ කණ්‌ඩායම සමග තරග කිරීම අභියෝගයක්‌ වුවත් තමාට කිසිම පීඩනයක්‌ එම සංචාරයේදී නොමැති බවත්, පීඩනය තමා නොහඳුනන බවත් වත්මන් ශ්‍රී ලංකා කණ්‌ඩායම තුළ තිබෙන හැකියාව නිසියාකාරව ප්‍රයෝජනයට ගතහොත් ලෝකයේ ඕනෑම රටක්‌ පරාජය කිරීම අපහසු නොවන බවද ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා මාධ්‍ය වෙත පවසා සිටියේය.

“බංග්ලාදේශ ක්‍රීඩකයන් දන්නවා ඔවුන් කරන්න ඕන රාජකාරිය මොකක්‌ද කියලා. පසුගිය අවුරුදු දෙකේ ඔවුන් හොඳ තැනකට ආවා. ඒ කාලයේදී එක්‌ තරගාවලියක්‌ විතරයි බංග්ලාදේශය මව් රටේදී පරාජය වුණේ.

“බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ සැලසුම් මොනවද කියන එක මම දන්නවා. ඒ නිසා අපේ කණ්‌ඩායමට ඒක වාසියක්‌. මේ කණ්‌ඩායමේ තියෙන දක්‍ෂතා හරියට ලබා ගතහොත් ලෝකයේ ඕනෑම කණ්‌ඩායමක්‌ පරාජය කරන්න පුළුවන්.

ලෝක කුසලාන ඉලක්‌කය සම්බන්ධයෙන්ද හතුරුසිංහ මෙහිදී පැහැදිලි කළේය.

“2019 ලෝක කුසලානට කණ්‌ඩායම යන කොට ක්‍රීඩකයකු අඩුම ගාණේ එක්‌දින තරග 15ක්‌ විතර ක්‍රීඩා කර තිබිය යුතුයි. වේග පන්දු යවන්නන් හත් දෙනෙක්‌ විතර එංගලන්තයේ තියෙන ලෝක කුසලානයට අපි ලෑස්‌ති කරන්න ඕන. ඒ හත් දෙනාම නොගියත් අපි ලෑස්‌ති කරලා තියෙන්න ඕන. මොකද අයි.සී.සී.ය එංගලන්තයේ හදන තණතීරු පිතිකරුවන්ටත් යෝග්‍යයි. ඒ සියලු දේ බලලා තමයි දැන්ම ඉදලා කණ්‌ඩායම තෝරන්නෙ.”

DE සිල්වා