FAST NEWS

24×7 Around the Globe

දකුණු අප්‍රිකාවේ දුම්රිය දෙකක් ගැටී 200කට තුවාල ..

දකුණු අප්‍රිකාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 200ක් තුවාල ලැබු බව විදෙස්මාධ්‍ය පවසයි.

ජොහැන්නස්බර්ග් අගනුවර සිට කිලෝමීටර් 20ක් දුරින් පිහිටි ජර්මිස්ටන් නගරයේ අනතුර සිදුව ඇති බවත් දුම්රියේ ගමන් කළ මගීන් බොහෝ දෙනෙකු තම සේවා ස්ථානකරා ගමන්කරමින් සිටි බවත් වාර්තා වෙයි.

රෝහල් ආරංචි මාර්ග සදහන් කර ඇත්තේ තුවාල ලැබූවන් සුලු මට්ටමේ තුවාල ලබා ඇති බවයි.

 

C.Rodrigo