FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර ප්‍රචාර නවත්වන්නැයි ඉල්ලීමක්‌..

මහ බැංකු බැඳුම්කර වාර්තාව නිකුත් කිරීමෙන් තම පක්‍ෂයට අගතියක්‌ සිදුවන නිසා ඒ පිළිබඳ දිගින් දිගට කරන ප්‍රචාර නවත්වන්නැයි එජාපයේ සාමාජිකයන් පිරිසක්‌ මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්‌ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කර තිබියදී මෙවැනි දෙයක්‌ සිදුවීමෙන් තම පක්‍ෂයට අගතියක්‌ සිදුවනවා සේම තවත් පක්‍ෂ කිහිපයකට ඉන් වාසි අත්වන බවද එජාපය දැනුම්දී ඇතැයි වාර්තා වෙයි.

මෙම වාර්තාව පදනම් කරගෙන විවිධ විවේචන මාධ්‍ය ඔස්‌සේ ප්‍රචාරය වන බවද තම පක්‍ෂය ඉලක්‌ක කර ඇතැම් පක්‍ෂ චෝදනා ඉදිරිපත් කරන බවද ඔවුන් විසින් පෙන්වාදී තිබෙන බව වාර්තා වෙයි.