FAST NEWS

24×7 Around the Globe

නැවත පැමීණිම ගැන හා හතුරු අයියා ගැන මැතිව්ස්ගෙන් ප්‍රකාශයක්..

තමා නායකත්වය අතහැරියේ නැවත පැමීණමට නොවන බවත්, නමුත් කල්පනා කර බැලිමේදි මෙය කණ්ඩායමේ සහ රටේ අවශ්‍යතාව බව ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස නායකත්වයට පත්වු ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මෙ බව සඳහන් කළේය.

“මම නායකත්වය අතහැරියේ ආයේ එන්න බලාගෙන නෙමෙයි. නමුත් කල්පනා කරනවිට මට හිතුනා මෙය අපේ කණ්ඩායමේ සහ රටේ අවශ්‍යතාව කියලා. මට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩක් දේවල් දීලා තියෙනවා. ඉතින් මාව අවශ්‍ය මොහොතේදී මම පිට හැරෙව්වොත් මම හිතනවා මම ක්‍රිකට්වලට සාධාරණයක් කරලා නෑ කියලා. අපිට තව මාස 18ක් තියෙනවා ලෝක කුසලානයට. විවිධ හේතුන් නිසා අපේ කණ්ඩායමේ ස්ථාවරත්වය බිඳවැටිලා තිබුනා. නායකයෝ කිහිපදෙනෙක් මේ කණ්ඩායම ඉදිරියට රැගෙන යන්න උත්සහ කළා. ඒ හැමදෙනාම කණ්ඩායම ගොඩනගන්න පුළුවන් හැමදේම කළා.

මම හතුරු අයියා ගැන එක දෙයක් දන්නවා. ඒ ඔහු මෙතන ඇවිත් ඉන්නේ ‘සර්වයිව්’ වෙන්න නෙමෙයි, වැඩක් කරන්න බව. ඒ වගේම අපි දෙන්නම කණ්ඩායම ගැන එක හා සමානව කල්පනා කරන දෙන්නෙක්. කණ්ඩායම වෙනුවෙන් අවශ්‍ය දේ කරන්න අපි දෙන්නම බලාපොරොත්තු වෙනවා. සමහරු කැමති වෙයි සමහරු අකමැති වෙයි. ඒවාට අපිට කරන්න දෙයක් නෑ. නමුත් අපි දෙන්නා කණ්ඩායම ඉදිරියට ගෙනියන්න පුළුවන් සියලු දේ රට වෙනුවෙන් කරනවා. “ යැයි ද පවසා සිටියේය

DE සිල්වා