FAST NEWS

24×7 Around the Globe

ප්‍රවීණ ගායකයෙක්ගේ බිරිඳ රිමාන්ඩ්..

රන් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ ගායකයෙක්ගේ බිරිඳ එළැඹෙන 17 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් සැකපිට ප්‍රවීණ ගායකයකුගේ බිරිඳ ඊයේ(09) උදෑසන නීතිඥයකු මාර්ගයෙන් තංගල්ල පොලිසියට බාර වී ඇති බව තංගල්ල පොලිසිය පවසයි.

31 හැවිරිදි වියේ පසුවන ඇය 2012.11.14 දින සිට 2016.04.22 දක්වා වූ කාලයේ තංගල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටියදී, බැංකුව තුළ සිදුවූ රුපියල් 9,89,000ක් වටිනා රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් එම බැංකුවේ කළමනාකරු විසින් තංගල්ල පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් සිදු කර ඇත.