අගමැතිවරයා ධුරයේ සිටිනතාක් බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව කිසිසේත් ක්‍රියාත්මක කිරීමට හා ඒ සම්බන්ධයෙන් උචිත පියවරක් ගැනීමට පුළුවන් කමක් නැහැ. එය සිහිනයක් පමණක් යෑයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පුංචි බොරැල්ල ශ්‍රී වජිරාශ්රම බෞද්ධ මධ්‍යස්ථානයේදී ඊයේ (09) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය..
අප රටේ ඉතිහාසයේ දැවැන්තම මූල්‍ය වංචාව සිදුවූවායින් පසු මේ පිළිබඳව කොමිෂන් වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමෙන් පසු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මුළු රටම බලා සිටියා. ඒ ප්‍රකාශය ජනාධිපතිවරයා කළා. පසුව එම ප්‍රකාශය අන්තර් ජාලයට නිකුත් කළා. ඉන්පසු අන්තර් ජාලයෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සහ රවි කරුණානායක හිටපු මුදල් ඇමැතිවරයා පිළිබඳව සඳහන්ව තිබූ ඡේදය ඉවත්කර තිබුණා. ඊටත් පසුව රවි කරුණානායක හිටපු මුදල් ඇමැතිවරයා පිළිබඳ සඳහන පමණක් ඉතුරු කර අගමැතිවරයා පිළිබඳ සඳහන පමණක් ඉවත්කර තිබෙනවා.
මෙම කාරණය පිළිබඳ කටයුතු කරන්නේ මේ ආකාරයට නම් වාර්තාවට අනුකූලව දඬුවම් පැමිණවීම කිසිසේත් අපක්ෂපාතීව සාධාරණ ලෙස සිදුවෙයි කියා ජනතාවට විශ්වාසයක් ඇති කර ගැනීමට කිසිසේත් හැකියාවක් නැහැ.
අගමැතිවරයා එම නිලයේ සිටිනතාක් මේ සම්බන්ධයෙන් උචිත පියවරක් ගත නොහැකියි. මෙය මුලාවක්. වංචාවක්. අගමැතිවරයා නිලයේ සිටිනතාක් කොමිෂන් සභා වාර්තාව කිසිසේත් ක්‍රියාත්මක කිරීමට පුළුවන් කමක් නැහැ. එය සිහිනයක් පමණයි. හිටපු මහ බැංකු අධිපතිවරයාගේ පත්වීම සම්බන්ධව කෙතරම් විරෝධයක් ආවත් අගමැතිවරයා පුද්ගලිකව ඔහු සම්බන්ධ වගකීම භාරගන්නා බව රටටම කියා සිටියා.
එසේනම් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේ සිටියදී අර්ජුන මහේන්ද්‍රන් පිළිබඳව පියවරක් ගන්නේ කෙසේද? අර්ජුන මහේන්ද්‍රන් බළල් අතක් ලෙස පාවිච්චි කරලයි මෙය කළේ. මෙහි නියම හස්ථය අගමැතිවරයාගේ. අර්ජුන මහේන්ද්‍රන් කළේ අගමැති නියෝගය ක්‍රියාත්මක කිරීමයි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.