FAST NEWS

24×7 Around the Globe

ප්‍රවීන වේදිකා නාට්‍ය නළුවෙක් අත්අඩංගුවට.. හේතුව මෙන්න..

බීමතින් රිය පැදවූ බව කියන ප්‍රවීන වේදිකා නාට්‍ය නළුවෙකු කොල්ලුපිටිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමේදී රාත්‍රී රථවාහන රාජකාරී වල නිරත වී සිටි නිලධාරීන් මෝටර් රථයක් නවතා පරීක්ෂා කර බැලීමේදී එහි රියදුරා බීමතින් සිටින බව පෙනී ගොස් ඇති අතර ස්වසන නාල (බැලුන්) පරීක්ෂණයේදී ඔහු බීමතින් සිටින බව තහවුරු වුනැයි කොල්ලුපිටිය පොලීසියේ නිලධාරියෙක් පැවසීය.

මොහු ප්‍රවීණ වේදිකා නාට්‍ය ශිල්පියෙක් බවට කරුණු අණාවරණය වී ඇති අතර පොලීසියට ගෙනැවිත් ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව ලබන මස 15 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් පොලිස් ඇප මත මුදා හැර ඇති බව වාර්තා වෙයි.