FAST NEWS

24×7 Around the Globe

ඡන්දයට බුර්කා, සන්ග්ලාස්, කැප් ඔට්ටූ නෑ….

පළාත් පාලන මැතිවරණයේදී සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කරගෙන ඡන්ද ‍පොළට පැමිණීම තහනම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඒ අනුව සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන පරිදි බූර්කාව පැලඳීම, අව් කණ්ණාඩි පැළඳගෙන පැමිණීම, හිස්වැසුම් පැළඳීම ආදිය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

ඡන්ද ‍පොළට පැමිණෙන සියලු ඡන්දදායකයන් තම අනන්‍යතාව ඔප්පු කිරීමට කටයුතු කළ යුතු බවද දේශප්‍රිය මහතා කියා සිටී.

එසේම ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන්ට තම අනන්‍යතාව පරීක්ෂා කිරීමට ඉඩ ලබා දිය යුතුබවද ඔහු සඳහන් කරයි.

යම් කිසි පුද්ගලයෙකු ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන්ගේ පරීක්ෂා කිරීම් කටයුතුවලට බාධා වන අයුරින් හැසිරුණහොත් ඔවුන්ව ඡන්ද ‍පොළෙන් ආපසු හරවා යැවීමට කටයුතු කරන බවද මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි.