FAST NEWS

24×7 Around the Globe

වික්ටර්ගේ බිරිද පොලීසියට බාරවෙයි.. තව නූලෙන් වික්ටරුත් අත්අඩංගුවේ..

ප‍්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිද අද(09) පෙරවරුවේ තංගල්ල පොලීසියට බාර වී ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

කලින් තංගල්ලේ රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටි ඇයට එරෙහිව එම බැංකුවේ කලමණාකරු විසින් කරන ලද පැමිණිල්ලක් නිසා පොලීසිය විසින් ඇය සොයමින් සිටි නිසා නීතීඥයෙකු මාර්ගයෙන් මෙසේ පොලීසියට බාර වී ඇත.

රුපියල් 989,000ක් වටින් රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් බැංකුවේ කලමණාකරු විසින් පොලීසියට පැමිණිලි කර තිබේ.

2012.11.14 දින සිට 2016.04.22 දක්වා ඇය සේවය කරමින් සිටි කාලයේදී මෙම වංචාව සිදුව ඇතැයිද කලමණාකරු කියයි.

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ ඇය අද දිනයේ බාර නොවූයේ නම් ඇයව සගවා තබා ගැනීමේ වරදට වික්ටර් රත්නායක මහතාද අත්අඩංගුවට පත් වීමට ඉඩ තිබූ බවයි.