FAST NEWS

24×7 Around the Globe

ලාංකික දරුවෙකු ලොව ළාබාලතම ලේඛකයා ලෙසින් ගිනස් පොතට.. (ඡායාරූප)

පොතක් ලියා පළ කළ ලෝකයේ ළාබාලතම ලේඛකයා ලෙස ගිනස් පොතට එක් වූ තනුවක සේරසිංහ දරුවා අද (05) ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

සිය දෙමව්පියන් සමග සීෂෙල්ස් හි පදිංචි මෙම දරුවා “Junk Food” නැමති ඉංග්‍රීසි ග්‍රන්ථය රචනා කරන විට ඔහුගේ වයස අවුරුදු 04 යි දින 356 ක් බව පැවසෙයි.

මෙම ග්‍රන්ථය රචනා කිරීමට ඔහුට ගතව ඇත්තේ දින 03 ක කාලයක් වීමද විශේෂත්වයකි.

දරුවාගේ දක්ෂතා අගය කළ ජනාධිපතිවරයා ඔහුට තිළිණයක්ද පිළිගැන්වූ අතර, ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සිය ආශීර්වාදයද පළ කළේය.

සීෂෙල්ස්හි ශ්‍රී ලංකා තානාපති ටිකිරි හේරත් ගුණතිලක මහතා සහ දරුවාගේ දෙමවුපියන් වන තුසිත සේරසිංහ, අප්සරා සේරසිංහ යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප පහතින්..

03 copy

02 copy

01 copy