FAST NEWS

24×7 Around the Globe

චීනයෙන් ලංකාවට සැටලයිට් හරහා අපේක්ෂිත සේවාවන් මෙන්න..

මෙම වසර තුළ චීනය විසින් ලංකාව ඇතුළු රටවල් කිහිපයකට සැටලයිට් නිකුත් කිරීමට කටයුතු යොදා තිබෙන බව වාර්තා වෙයි.

ලංකාවට අමතරව පකිස්තානය, සවුදි අරාබිය සහ ඊජිප්තුව හා ඇතැම් ව්‍යාපාරික සමාගම් වෙනුවෙන්ද මෙම සැටලයිට් ලබා දීමට නියමිත බව පැවසේ.

සමුද්‍ර නිරීක්ෂණ, කාලගුණ, ජංගම පිරික්සුම්, පෘථිවි නිරීක්ෂණ සහ සන්නිවේදන යන අවශ්‍යතා මෙම සැටලයිට් හරහා ලබාගැනීමට අපේක්ෂිත සේවාවන් වෙයි.

මෙම රටවල්වලට අමතරව GomSpace, Satellogic, Changguang (Jilin), SpaceTY, Kepler Communications, SuperView (Gaojing) යන සමාගම් ඇතු‍ළු සමාගම් රැසකට මෙම සැටලයිට් සේවා දියත් වනු ඇති බව සදහන්ය.