බොන්හැම් සත්ත්වෝද්‍යානයේ පසුගිය වසරේ සැප්තැම්බරයේ ඉපදුනු ශ්‍රී ලංකා කොටි පැටවුන් දෙදෙනෙකුට නම් තැබීම වෙනුවෙන් එංගලන්තයේ නෝෆෝක් ප්‍රාන්තය පුරා අපූරු තරගයක් පැවැත්වෙන බව වාර්තා වේ.
මෙම සිදුවීම සත්ත්වෝද්යානයටම විශේෂිත සිදුවීමක් බව සත්ත්වෝද්‍යාන කළමනාකාර මයිකල් වූල්හැම් පවසයි.
“කැලෑවේ දැනටත් සිටින්නේ දහසකටත් අඩු ලංකා කොටි ප්‍රමාණයක් නිසා මෙම කොටි පැටවුන් දෙදෙනා පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමුවෙනවා.“
එසේම ගැහැනු සතුන් බව පැවසෙන මෙම පැටවුන් දෙදෙනාගේ මව වන සරිස්කා ඉතා ගුණවන්ත සහ ආරක්ෂාකාරී මවක් බවත්, එනිසාම පැටවුන් දෙදෙනා සුවෙන් වැඩෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
ඡායාරූප පහතින්..












