FAST NEWS

24×7 Around the Globe

අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් කට උත්තරයක් අරගෙනත් ඉවරයි..? හේතුව මෙන්න..

ජනාධිපතිවරයා විසින් මාධ්‍ය ඔස්සේ ජාතිය අමතමින් ඉදිරිපත් කල මහා බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිසමේ එකම චූදිතයා වු හිටපු මහා බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් නොකියාම ශ්‍රී ලංකාව හැර තම පුරවැසිභාවය හිමි සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව අන්තර්ජාල  පුවත් අඩවි කිහිපයක්ම වාර්තා කර ඇත.

ඔහු මෙසේ සිට මවු රට බලා පිටත්ව ගොස් ඇත්තේ කටුනායක ගුවන්තොටුපොලේ විශේෂ පර්යන්තයෙන් බව සදහන්ය.

එහිදි ඔහුගේ රටින් පිටව යෑම වැලැක්වීමට කිසිවකු උත්සහ ගෙන නොමැත්තේ ජනාධිපති කොමිසමේ වාර්තාව අනුව හිටපු මහා බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අවම වශයෙන් පොදු දේපල පනතේ ලා ගනයට අයත් වරදක් හෝ සිදු කොට ඇති බවට ජනාධිපති කොමිසමේ නිර්දේශ වල පැහැදිලිව සඳහන් වුයේදැයි පැහැදිලි නැති බැවිනි.

එමෙන්ම ඉදිරියේදී අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් කට උත්තරයක් හෝ මෙරටේ පොලිසියට ගැනීමට නොහැකි වනුයේ යම් ලෙසකින් නැවත ඔහු මෙරටට නොපැමිණියහොත් ඔහු ශ්‍රීලංකාවේ නීතියේ ආධිපත්‍යට අයත් නොවන මෙරටේ පුරවැසියෙකු නොවන බැවිනි.