යේමනයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත් වු බව විදෙස්මාධ්‍ය පවසයි.
හුඩේඩා නගරයේ වෙළෙද සංකීර්ණයක් සහ ඉන්ධන පිරවුම් හලකට ප්‍රහාරය එල්ල කර තිබෙන බවත් ප්‍රහාරයෙන් තවත් බොහෝ පිරිසක් තුවාල ලැබුත් සදහන්ය.
බලධාරීන් ප්‍රකාශ කළේ ජීවිතක්ෂයට පත්වූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.
එසේම යේමන රජය පවසන්නේ සවුදි අරාබිය ප්රමුඛ ඒකාබද්ධ යුද සන්ධානය විසින් මෙම ගුවන් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි.
C.Rodrigo









