FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ සමලිංගික පිරිමි පුද්ගලයන් 7500ක් හඳුනාගෙන..

පසුගිය වසර තුළ මෙරට සමලිංගික පිරිමි පුද්ගලයන් 7500 ක් පමණ හඳුනා ගත් බව ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පැවසීය.

මොවුන් කොණ්ඩම් භාවිත නොකර ලිංගික ක්‍රියාකාරකම්වල නියැළීම හේතුවෙන් ඒඩ්ස් ඇතුළු ලිංගාශ්‍රිත රෝග ගණනාවක් පැතිර යාමේ අවදානම ඉහළ ගොස් ඇතැයිද ලියනගේ මහතා පැවසීය.

මේ නිසා හඳුනාගත් සමලිංගික පුද්ගලයන් වෙත කොණ්ඩම් බෙදා හැරීමට කණ්ඩායම් කීපයක් යොදවා ඇතැයිද ඒ මහතා පැවසීය.

ඉකුත් වසරේ හමු වූ එච්.අයි. වී. ආසාදිත 282 දෙනාගෙන් 220 දෙනකුම පිරිමි පුද්ගලයන් බවත්, 2025 වන විට එච්.අයි.වී. ආසාදිතයන් ගණන ශූන්‍ය කිරීම සඳහා මේ වන විට විශේෂ වැඩසටහන් ගණනාවක් අරඹා ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.