FAST NEWS

24×7 Around the Globe

‘ගේම් ඔෆ් ත්‍රෝන්’ මුද්දර එකතුව මෙන්න..

ලොව අතිශය ජනප්‍රිය ‘ගේම් ඔෆ් ත්‍රෝන්’ රූපවාහිනී ටෙලි කථා මාලාව ඇසුරින් මුද්දර පෙළක් නිකුත් කිරීමට එක්සත් රාජධානියේ රාජකීය මුද්දර කාර්යාංශය පියවර ගෙන ඇත.

ඒ අනුව, රූපවාහිනී කතා මාලාවක් පාදක කර ගනිමින් මුද්දර එකතුවක් එළි දැක්වුණු පළමු අවස්ථාව මෙය වෙයි.

සම්මාන රැසකට පාදක වුණු ‘ගේම් ඔෆ් ත්‍රෝන්’ ඇමෙරිකාවේ ‘එච්.බී.ඕ’ නාළිකාවේ නිෂ්පාදනයකි.