FAST NEWS

24×7 Around the Globe

”ඩොක්ටර් නවරියන්” ඉන්දියානු සිනමා ශාලා මුල් වරට මෙරටදී සිහිපත් කරයි..

සුපිරි නළු රන්ජන් රාමනායකගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ ඔහු ප්‍රධාන චරිතය මවන ඩොක්ටර් නවරියන් සිනමාපටය ඉහළ ප්‍රතිචාර ලබමින් මේ දිනවල තිරගත වන අතර ඇතැම් සිනමාශාලාවල තිබෙන රන්ජන්ගේ දැවැන්ත සේයාරුවට ප්‍රේක්ෂකයෝ මල්මාලා දමා ඇති බව සිනමාහල් හිමියන් පවසන බව වාර්තා වේ.

සාමාන්‍යයෙන් ඉන්දියානු සිනමා ශාලාවල එය සුලබ කරුණක් වුවත් මෙරට ඒ අයුරින් කටවුට් සැරසෙන්නේ මුල් වතාවටය.

රන්ජන් සමග රුවන්ගි රත්නායක, ශ්‍රිමාල් වෙඩිසිංහ, රෙක්ස් කොඩිප්පිලි, ශ්‍රියානි අමරසේන, සරත් චන්ද්‍රසිරි ඇතුළු නළු නිළියන් රැසක් ඩොක්ටර් නවරියන් රංගනයෙන් හැඩ ගන්වති.