රුසියාවේ සයිබීරියා ප්‍රදේශයේ ඉර්කුට්ස්ක් නගරයේ විශ්වවිද්‍යාල සිසුවියක වන ලියානා
ක්ලෙව්ට්සෝවා නත්තල් ගස් වෙනුවෙන් වනාන්තරවලින් ගස් කැපීමට එරෙහිව නිරුවත් විරෝධතාවයක යෙදුන බව විදෙස්මාධ්‍ය පවසයි.
දැඩි ශීතල ද නොතකා ඇය මෙම විරෝධතාවය දක්වා ඇත්තේ නත්තල් ගස් වෙනුවෙන් ෆර් ගස් කැපීමට එරෙහිවය.
නත්තල් සැරසිලි කිරීමට අවශ්‍ය නම් එය ස්වාභාවිකව පවතින ගසක් යොදාගෙන කරන ලෙස ඇය කියා සිටියේ විදුලි බුබුලුවලින් සැරසූ ෆර් ගසක් අසළ සිටගෙනය.
නිවෙස සැරසීමට අවශ්‍ය නම් ඇති තරම් කෘත්‍රිම ගස් මිලට ගත හැකි යයිද ඇය පෙන්වා දුන් බව විදෙස්වාර්තා පවසයි.
ඡායාරූප පහතින්..











