FAST NEWS

24×7 Around the Globe

දකුණු ඉන්දීය සිනමා නිළි ඉලේනා විවාහ වෙයි..?

ගෙවුණු වසරේ තිරගත වූ ‘ජූඩ්වා’ දෙවැනි චිත්‍රපටය හා ‘බද්ශාඕ’ චිත්‍රපටහි රංගනයෙන් දායක වූ දකුණු ඉන්දීය සිනමා නිළි ඉලේනා ඩී කෲස් මේ වනවිට ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වූ ඇන්ඩෘක්නෙබොන් සමග විවාහ වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

මෙය මේ වනවිට නිල වශයෙන් තහවුරු නොවන අතර, ඉලේනා සිය ‘ට්විටර්’ ගිණුම තුළ පළ කර තිබූ ඡායාරූපයකට ‘ලව්ලි හස්බන්ඩ්’ යන කෙටි නමින් ප්‍රතිචාර දක්වා තිබීම හේතුවෙන් ඔවුන් මෙසේ විවාහ වී ඇති බවට රාවයක් ඇතිවීමට හේතු වී තිබේ.

කෙසේ වෙතත්, බොලිවුඩ් සිනමා නවක නිළියන් කිහිප දෙනෙකුම ඉලේනාට සුබපතමින් පවසා තිබුණේ අනුෂ්කා, විරාත් දෙදෙනාගේ විවාහය අස්සේ ඉලේනාගේ විවාහය රහසිගත සිදුවී ඇති බවය.