FAST NEWS

24×7 Around the Globe

වැඩක්ම නැති බොලිවුඩ් චිත්‍රපට දහය නම් කෙරෙයි..

නිමාවූ මේ වසරේ තිරගත වූ බොලිවුඩ් චිත්‍රපට අතරින් තේරුමක් නොමැතිව නිර්මාණය වූ බොලිවුඩ් චිත්‍රපටය දහය පසුගියදා නම් කරනු ලැබීය.

එහි මුල්තැන හිමිව ඇත්තේ ඉර්ෆාන් ඛාන් රංගනයෙන් දායක වූ ‘කුරාබ් කුරාබ් සින්ගලි’ චිත්‍රපටය, දෙවැනි තැන ‘සාර්කාර්’ චිත්‍රපටයට, තුන්වැනි තැන ‘ලිප්ස්ටික් අන්ඩර් මයි බුර්කා’, සිවුවැනි තැන ‘ටියුබ්ලයිට්’, පස්වැනි තැන ‘බේගම් ජාන්’ චිත්‍රපටවලටත් හිමිව ඇත.

හයවැනි තැන හිමිව ඇත්තේ ‘අ ජෙන්ට්ලිමන්’, හත්වැනි තැන ‘පොර්ණා’, අටවැනි තැන ‘කොම්රාඩ් ඉන් ඇමරිකා’, නමවැනි තැන ‘ඉන්දු සාර්කාර්’ හා දහවැනි තැන ‘රැන්ගොන්’ චිත්‍රපටයට ලැබී තිබේ.

කෙසේ වෙතත්, මේ චිත්‍රපට අතරින් කිහිපයක් ආදායම් අතින් අති සාර්ථක චිත්‍රපට බවටද පත්ව ඇති බව සදහන්ය.