FAST NEWS

24×7 Around the Globe

අපව විවේචනය කරන අයට මගේ පින්තූරය නැතිව බැරි වෙලා..

පොහොට්ටුවයි අපේ ලාංඡනය. අපිව විවේචනය කරන අයට මගේ පින්තූරය නැතිව බැරි වෙලා තියෙනවා. නායකයෝ මොනව කිව්වත් ඒකෙන් පැහැදිලි වෙනවා අපි රටට කරපු සේවය පැහැදිලිවම ජනතාව පිළිගන්නවා කියන එක.

හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවැසූයේ පෙරේදා(31) තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.

වැඩිදුරටත් රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.

ඉතාම පැහැදිලි ජයග්‍රහණයක් අපිට මැතිවරණයෙන් ලබා ගන්න පුළුවන්. මෙවර ඡන්දය තියෙන්නේ ආණ්ඩුවට විරුද්ධව. මං කිව්ව වගේ ජනමත විමසුමක් හා සමානව මේ ආණ්ඩුවට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන්න ඕන. මොකද හේතුව රටේ සම්පත් ටික විකුණනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ බැලුවොත් හම්බන්තොට තියෙන වටිනාම වස්තූන් දැනටමත් විකුණලානේ. වරාය විකුණලා. ගුවන්තොටුපොළ විකුණලා. ඊට පස්සේ අධිවේගී මාර්ගය විකුණන්න හදනවා. ඉඩම් විකුණන්න යනවා. අවසානයේ මොනවද ඉතිරි වෙන්නෙ. ඒ විතරක් නෙවෙයි අද ජීවන වියදම අහස උසට නඟලා.