FAST NEWS

24×7 Around the Globe

නව වසරට සියලු දෙනා සුබ පැතුවත් උත්සාහවන්ත විය යුත්තේ තමාමයි..

සිය අඩුලුහුඬුකම් අවබෝධ කොට අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියාකිරීම තුළින් නව වර්ෂය සාර්ථක හා සෞභාග්‍යවත් වසරක් බවට පත් කර ගත හැකි යැයි අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ පැවැසූහ.

නව වසරක උදාවත් සමඟ ශුභාශිංසන එක් කිරීම සියලු දෙනා විසින් සිදුකළත් නව වර්ෂයේ නව පැතුම් ඉටු කර ගැනීම සඳහා තමන් උත්සාහවන්ත විය යුතු යැයි උන්වහන්සේ සඳහන් කළහ.

පසුගිය වර්ෂයේදී තමන් අතින් සිදුවූ දුර්වලකම් කුමක්දැයි යන්න තම තමන්ම අවබෝධ කර ගනිමින් එම දුර්වලකම්, අඩුපාඩු නිවැරැදි කරගනිමින් ඉදිරියට පැමිණීම අලුත් අවුරුද්ද තුළ සිදු කර ගත යුතු යැයි උදා වූ නව වසර වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් උන්වහන්සේ ප්‍රකාශ කළහ.