FAST NEWS

24×7 Around the Globe

පාසල් උපකරණ බෙදූ තරුණියන් දෙදෙනෙක් අත්අඩංගුවට..

පළාත් පාලන මැතිවරණය සඳහා අනුරාධපුර මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන අපේක්ෂකයෙකුගේ නමින් පවත්වාගෙන යනු ලබන පදනමකින් පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ බෙදා දීමට ගිය අවස්ථාවේදී එම උපකරණ කට්ටල හා අපේක්ෂකයාගේ ආධාරකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

අනුරාධපුර පොලීසියේ මැතිවරණ පැමිණිලි අංශයට ලැබුණු තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර අත්අඩංගුවට පත්ව ඇත්තේ පාසල් උපකරණ බෙදූ තරුණියන් දෙදෙනෙක් බවද පැවසේ.

DE සිල්වා