FAST NEWS

24×7 Around the Globe

සාකච්ඡා අසාර්ථකයි – තැපැල් සේවකයෝ අඛණ්‌ඩ වැඩ වර්ජනයට සැරසෙති..

 

තැපැල් සේවකයන්ගේ ගැටලු විසඳීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නායකයන් සහ තැපැල් සේවා හා මුස්‌ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ බලධාරීන් සමග (27 ) පෙරේදා සවස පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වීම නිසා සැලසුම් කළ පරිදි අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය පවසයි.

එ අනුව වැඩ වර්ජනය නතර කිරීමට නම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග හෝ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග මුහුණට මුහුණ සාකච්ඡාවක්‌ ඉදිරි පැය 48 ඇතුළත තමන්ට ලබාදිය යුතු බවද එම සමීතිය පවසයි.

අඛණ්‌ඩ තැපැල් වැඩවර්ජනයක්‌ ආරම්භ කළහොත් තැපැල් කටයුතුවලට පමණක්‌ නොව පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමත් නතරවනු ඇතැයිද එම සමීතිය පෙන්වා දෙයි.

DE සිල්වා