FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමිෂන් සභාවට පැමීණලි 160 ක්..

පළාත් පාලන මැතිවරණය ආශ්‍රිතව මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 160 ක් බව එහි ස්ථාපිත පැමිණිලි භාර ගැනීමේ ඒකකය සඳහන් කළේය.

ලැබුණු පැමිණිලිවලින් 154 ක්ම පෝස්ටර් හා කටවුට් ගැසීම් සම්බන්ධයෙන් බවත් එම ඒකකය කියයි.

ප්‍රචණ්ඩ ක්‍රියා 04 ක් ද වාර්තාවී ඇති බවත් පැමිණිලි බහුතරයක් වාර්තාවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 21 කි.

ගම්පහ, කුරුණෑගල දිස්ත්‍රික්කවලින් ද පැමිණිලි වැඩි වශයෙන් වාර්තාවී ඇති බව එම ඒකකය වැඩි දුරටත් සඳහන් කළේය.

DE සිල්වා