FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධයේ සෝමවීර හා ජනිපෙ නිමල් ජනපති සහායට යති..

ජාතික නිදහස් පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක සහ දේශපාලන මණ්ඩල සභික නියෝජ්‍ය ලේකම් ලෙස කටයුතු කළ නිමල් ප්‍රේමවංශ මහතා සහ ඒකාබද්ධ විපක්ෂය හා එක්ව කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, මහජන එක්සත් පෙරමුණේ උප සභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වැඩපිළිවෙළට සහාය පළ කරමින් අද(28) ජනපති හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අද (28) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනපති හමුවූ මොවුන් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව ප්‍රකාශ කර තිබේ.

DE සිල්වා