17කට අදාළ වාර්තාද ඇතුළත්ව, බරපතල වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තාව ලබන ජනවාරි මස 02 වන දින ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට භාරදීමට නියමිතව තිබේ.
ඊට අමතරව බරපතල වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ද එදිනට ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව ඇති බව එම කොමීසම පවසයි.
බරපතල වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ කාලය පසුගිය නොවැම්බර් මස 03 වැනිදායින් අවසන් වූ අතර වාර්තාව සකස් කිරීම සඳහා මාසයක කාලයක් ලබාදෙනු ලැබීය.
ඒ අනුව මේ වන විට කොමිසමේ සියලු වාර්තා සකස් කර ඇති බවත්,එම කොමීසම පවසයි.
මීන් පෙරද කොමිසම විසින් සිදුකරන ලද පරීක්ෂණ 17කට අදාළ වාර්තා ජනාධිපතිවරයා වෙත භාරදීමට කටයුතු කළේය.
DE සිල්වා








