FAST NEWS

24×7 Around the Globe

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගැටළු විසදීමට කමීටුවක්..

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගැටලූ පිළිබඳ සොයා බලා ඒවාට ලබාදිය හැකි විසදුම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා තිපුද්ගල විශේෂ කමිටුවක් පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගැටලූ පිළිබද අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී නියෝග කළේය.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකුගෙන් මෙන්ම කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගෙන් සමන්විත මෙම කමිටුව සිය වාර්තාව මාස 3 ක් ඇතුළත තමා වෙත ඉදිරිපත් කළ යුතු බවද ජනාධිපතිවරයා නියෝග කළේය.

DE සිල්වා