FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී පියසේනගේ පුත් රන්දිමට ඇමති ධූරයක්.. !

ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි පියසේන ගමගේ මහතාගේ පුත් දකුණු පළාත් සභා මන්ත‍්‍රි රන්දිම ගමගේ මහතාට දකුණු පළාත් ක‍්‍රීඩා, යෞවන කටයුතු, ග‍්‍රාම සංවර්ධන, සංස්කෘතික, කලා කටයුතු, සමාජ සුබසාධන, පරිවාස ලමා රක්‍ෂක සේවා, වනිතා කටයුතු, ගෘහ ආර්ථික ප‍්‍රවර්ධන, නිවාස, ඉදිකිරිම්, මිනිස් බල හා රැකි රක්‍ෂා ඇමති ධුරය ලබා දීමට නියමීත බව එම සභාවෙහි විස්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

මීට පෙර එම ඇමති ධුරයේ කටයුතු කරන ලද වීරසුමන වීරසිංහ මහතා එම තනතුරින් ඉවත් කර සියළු බලතල පළාත් මහ අමාත්‍ය ශාන් විජේලාල් මහතා වෙත පවරා ලැබුවේය.

DE සිල්වා