FAST NEWS

24×7 Around the Globe

රථ වාහන වැරදි සඳහා වු රුපියල් 25,000ක දඩය තවදුරටත් ප්‍රමාද වෙයි..

රථවාහන වැරදි කිහිපයකට පැනවූ රුපියල් 25,000ක දඩය ක‍්‍රියාත්මක කිරීම තවදුරටත් ප‍්‍රමාද වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ කටයුතු අවසන් නොවීම හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුව තිබේ.

කටයුතු අවසන් කර මේ සම්බන්ධ වාර්තා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කර මාස දෙකක් පමණ ගතවී ඇති බවද ,මේ සම්බන්ධ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් කිහිපවරක්ම ඉල්ලීම් කළද තවමත් ඊට නිසි ප්‍රතිචාර නොලැබුණ බවද එම සභාව පවසයි.

එය ලැබුණු වහාම ගැසට් කිරීමේ කටයුතු ප්‍රවාහන අමාත්‍යවරයා අතින් සිදුවීමට නියමීත බවත් පැවසේ.

DE සිල්වා