FAST NEWS

24×7 Around the Globe

ගතවු මාස 12 තුළ ඩෙංගු රෝගීන් 180,988 ක් …

ගතවූ වසරේ මාස 12 ක කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 180,988 ක් වාර්තා වී තිබේ.

ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 33660 ක් යැයි වසංගත රෝග විද්‍යා අංශ වාර්තා සඳහන් කරයි.

අඩුම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ කිලිනොච්චිය ප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 499 ක් යැයිද එම වාර්තාවන් පෙන්වා දේ.

මෙම කාලය තුළ ඩෙංගු වැලඳීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 400 කට ආසන්න වුවත් එය වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව හා සැසඳීමේදී දශම 2 ක් පමණ වන බව ඩෙංගු මර්දන වැඩ සටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත තිසේරා මහතා සඳහන් කරයි.

කෙසේ නමුත් මේ දිනවල පවතින ඊසාන දිග වර්ෂාව හේතුවෙන් ලබන ජනවාරි මාසයේදී ඩෙංගු රෝගය නැවත ඉහළ යා හැකි බැවින් තමන්ගේ වටාපිටාව පිරිසිදුව තබාගැනීමේ වැඩ පිළිවෙළ ආරම්භ කරන්නැයි ජනතාවගෙන් ඩෙංගු මර්දන වැඩ සටහන විශේෂ ඉල්ලීමක් කරයි.

පාසල් වාරය ආරම්භ වීමට පෙර එනම් ලබන 30 වන දින දිවයිනේ සියලුම පාසල් තුළ ශ්‍රමදාන වැඩ සටහන් ආරම්භ කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය මගින් විශේෂ චක්‍ර‍ලේඛයක් නිකුත් කර ඇතැයිද වෛද්‍ය තිසේරා මහතා වැඩි දුරටත් පැවැසීය.

DE සිල්වා