FAST NEWS

24×7 Around the Globe

දළ පූට්ටුවා ඝාතන සැකකරුවෝ යළි බන්ධනාගාර ගත කෙරෙති…

ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් 09 දෙනා ලබන ජනවාරි 09 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහව මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය.

ග‍්‍රාම නිලධාරින් වන අසංක සෙනරත් බංඩාර, ඇමැති ආරක්ෂක අංශයේ හිටපු පොලිස් කොස්තාප්ලවරයෙකු වන ආර්. එම්. රුවන් නිලන්ත කුමාර සහ අජන්ත අමරසිංහ නිලන්ත පුෂ්ප කුමාර, මංජුල ප‍්‍රදීප් ජයසිංහ, අරවින්ද බංඩා ,චමින්ද ජයලාල්, එමි මුසවිපර් එච්. එම්. හයර්ඞීන් සහ එස්. කේ. බසීර් යන සැකකරුවන් මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවන් වේ.

දළ පූට්ටුවාට වෙඩි තබා ඝාතනය කිරිමට යොදා ගත් බවට සැක කෙරෙන ගිනි අවිය රජයේ රස පරික්ෂකවරයා වෙතත් දළ පූට්ටුවාගේ ශරීරයේ මස් කොටස් ඩී.එන්. ඒ පරික්ෂණයක් සදහා බොරැල්ල ජින්ටෙක් ආයතනයටත් යවන ලෙසටද නියෝග කරනු ලැබීය.

මේ අතර සියලූ සැකකරුවන්ගේ දුරකථන සම්බන්ධයෙන් දුරකථන විශ්ලේෂණ වාර්තා පිළිබඳ විමර්ශන සිදු කරන රහස් පොලිසියට ලබා දෙන ලෙසට ද සියලූ දුරකථන සමාගම්වල කළමණාකාරිත්වයට අද නියෝග කෙරුණි.

DE සිල්වා