FAST NEWS

24×7 Around the Globe

කොස්ගොඩ සුජීට ජාත්‍යන්තර ‍පොලීසියෙන් රතු නිවේදනයක්..

විදේශ ගතව සිටින දකුණු පාතාලයේ නායකයෙකු වන කොස්ගොඩ සුජී අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර ‍පොලීසිය විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

‍පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙණ නිලධාරී සහ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ ප්‍රධානි ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා යටතේ පාතාලය මර්දනය කිරීම සඳහා මේ වන විටත් ‍පොලිස් විශේෂ කාර්ය බළකාය හා සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය වැටලීමේ අංශය ක්‍රියා කරයි.

ඔවුන් කොස්ගොඩ සුජී හෙවත් ජගමුනි සුජීවද සොයිසා (33) යන අය පිළිබඳ සියලු අපරාධ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිහිටා ඇති ජාත්‍යන්තර ‍පොලීසිය හා සම්බන්ධ වන විශේෂ ඒකකය වෙත ලබා දීමෙන් අනතුරුව පසුව එම තොරතුරු ජාත්‍යන්තර ‍පොලීිසිය වෙත ලබා දී තිබේ.

ලැබි ඇති තොරතුරු පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් පසු මොහුව අත්අඩංගුවට ගැනීම සඳහා මිනී මැරුම් චෝදනාව යටතේ ජාත්‍යන්තර ‍පොලීසිය විසින් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ‍පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට අමතරව විදේශගතව සිටින පාතාල නායකයෙකු වන මාකඳුරේ මධුෂ්වද අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර ‍පොලීසියේ සහය ලබා ගැනීමට මේ වන විටත් අවශ්‍ය ලිපි ‍ලේඛන මේ දිනවල සකසමින් පවතින බවද ‍පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

DE සිල්වා