FAST NEWS

24×7 Around the Globe

සුනාමීයෙන් මිය ගිය ජනතාව සිහි කිරීමට විනාඩි දෙකක නිහඬතාවක්..

2004 දෙසැම්බර් 26 වැනිදා සුනාමීයෙන් මිය ගිය ජනතාව සිහි කිරීම සඳහා විනාඩි දෙකක නිහඬතාවක් පළ කර ඊට ගෞරව දක්වන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

එ අනුව අද (26) පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිහඬතාවක් දක්වන ලෙස එම මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.

සුනාමී ව්‍යසනය සිදුව අද (26) වසර 13 ක් සම්පුර්ණ වේ.

තෙල්වත්ත – පැරලිය සුනාමි ස්මාරකය අසළ ද විශේෂ සැමරුමක් සංවිධාන කර තිබේ.

DE සිල්වා