FAST NEWS

24×7 Around the Globe

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත් වලට වැසි..

දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත් වල වැසි තත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (26) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.

එ අනුව උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි ඇති වන බවත්,සෙසු පළාත් වල තැනින් තැන සවස 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද එහි සඳහන් වෙයි.

නැගෙනහිර පළාතේ සහ නුවර එළිය, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට මි.මි.75 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

DE සිල්වා