FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන ඡන්ද විමසීමේ නිවේදනය අද නිකුත් කෙරේ…

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 38 වන වගන්තියට අනුව ,පළාත් පාලන මැතිවරණය සඳහා වූ ඡන්ද විමසීම් නිවේදනය අද (26) ගැසට් කරන බව මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණය පවත්වනු ලබන දිනය සහ වේලාව එහි සඳහන් වෙයි.

මීට අමතරව මැතිවරණය සඳහා එක් එක් පළාත් පාලන ආයතනය වෙනුවෙන් තරග කරන දේශපාලන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නම් ද ඒ ඒ දේශපාලන පක්‍ෂයෙන් හෝ ස්වාධීන කණ්ඩායම්වලින් තරග කරන අපේක්‍ෂකයන්ගේ නම් ද මෙම ගැසට් නිවේදනයට ඇතුළත් කෙරේ.

මැතිවරණය සඳහා යොදා ගැනෙන ඡන්ද මධ්‍යස්ථානවල නම්ද එහි සඳහන් වන බව කොමීසම කියයි.

කෙසේ වෙතත් මෙම මැතිවරණය පෙබරවාරි මස 10 වැනිදා පැවැත්වෙන බවයි මැතිවරණ කොමිසම මෙවන විටත් ප‍්‍රකාශ කර තිබේ.

මෙම මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම ජනවාරි මස 25 සහ 26 යන දිනවලදී පැවැත්වෙන බවද මැතිවරණ කොමිසම නිවේදනය කර සිටියේය.

DE සිල්වා