FAST NEWS

24×7 Around the Globe

අධිවේගී මාර්ගවල වාහන ගමනා ගමනය ඉහළට..

උත්සව සමයත් සමඟ අධිවේගී මාර්ගවල වාහන ගමනා ගමනය ඉහළ ගොස්‌ ඇතැයි අධිවේගී මාර්ග මෙහෙයුම් අංශය පවසයි.

දෛනිකව දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 47,000 ක්‌ පමණ ධාවනය වන බවත් එය මේ වන විට 60,000 දක්‌වා ඉහළ ගොස්‌ ඇති බවත් වාර්තා වේ.

එසේම කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ දෛනික වාහන ධාවනය 24,000 සිට 30,000 දක්‌වා ඉහළ ගොස්‌ ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.

මෙම තත්ත්වය නිසා දෙසැම්බර් 16 වැනිදා සිට 2018 ජනවාරි මුල් සතිය දක්‌වා කඩවත, කොට්‌ටාව, ගැලනිගම, පින්නදුව, මාතර, ගොඩගම යන ස්‌ථානයන්හි අමතර පිවිසුම් දොරටු විවෘත කර ඇත.

වාහනවල යම් දෝෂ ඇතිවුවහොත් හැකිතාක්‌ දුරට මාර්ගයේ තාර කොටසෙන් පිටතට වනසේ වාහනය නවතා ආරක්‌ෂක වැටෙන් පිටතට ගොස්‌ 1969 ට අමතන ලෙස ද මෙහෙයුම් අංශය ඉල්ලා සිටී. වාහන ගමනාගමනය සීසීටීවී (CCTV) මඟින් නිරීක්‌ෂණය කෙරේ.

DE සිල්වා