FAST NEWS

24×7 Around the Globe

සයිටම් පිළිබඳ වහාම පියවර නොගත්තොත් 31 පසු දැඩි ක්‍රියාමාර්ග..

සයිටම් වෛද්‍ය පීඨය වහා අහෝසි කර එහි සිසුන්ට සාධාරණය ඉටුකිරීමට රජය පියවර නොගතහොත් දෙසැම්බර් 31 වැනිදායින් පසු දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලූත්ගේ මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේදී (22) පැවති මාධ්‍ය හමුවක් අමතමීන් ප්‍රකාශ කළේය.

සයිටම් වෛද්‍ය පීඨය ස්ලිට් ආයතනයට ලබාදුන්නත් මෙතෙක් එහි ප‍්‍රමිතිය සහතික වී නොමැති බැවින් බාල වෛද්‍යවරුන් බිහිවීමේ අවදානම පහව නොයන බව ද ලේකම්වරයා සඳහන් කළේය.

සයිටම් වෙනත් නමක් සහිත පෞද්ගලික ආයතනයකට විකිණිමෙන් එහි ප‍්‍රමිතිය තහවුරු කිරීමට හෝ වෛද්‍ය සභාවේ අනුමැතිය ලබාගැනීමට හෝ එහි අධ්‍යාපනය ලබන සිසුන්ට නිසි ප‍්‍රමිතියක් ලබාදිය නොහැකි බවත් කී වෛද්‍යවරයා ඒ අනුව ඉතිරිව ඇති එකම විකල්පය සයිටම් ආයතනය වහා අහෝසි කර දැමීම බව ද ප‍්‍රකාශ කළේය.

DE සිල්වා