හදිසි රෝගී තත්වයක් හේතුවෙන් අසාධ්‍ය වූ දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර සිටින බව දෙමළ ජාතික සන්ධානයේ ආරංචි මාර්ග පවසයි.
නාම යෝජනා බාර දීම් සහ මැතිවරණ කටයුතුවල නිරතව සිටියදී විපක්ෂ නායකවරයා මෙලෙස හදිසියේ රෝගාතුර වී ඇතැයි පැවසේ.
ඔහුගේ තත්වය සුව අතට හැරෙමින් පවතින බවත් රෝගී තත්වය බරපතළ නොවන බවත් වැඩි දුරටත් එම ආරංචි මාර්ග පවසයි.
DE සිල්වා








