FAST NEWS

24×7 Around the Globe

උත්සව සමය වෙනුවෙන් කොටුව සිට බදුල්ලට විශේෂ දුම්රියක්…

අලුත් අවුරුද්ද, නත්තල් සමය හා පාසල් නිවාඩු සමය හේතුවෙන් අද (22) දිනයේ සිට ජනවාරි 07දා දක්වා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියයක් ධාවනයට යොදවා ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

ඒ අනුව 22, 24, 26, 28, සහ ජනවාරි 2, 4, 6 යන දිනවලින් පෙරවරු 7.03ට කොළඹ කොටුවෙන් පිටත්ව යන දුම්රිය පස්වරු 5.39ට බදුල්ලට ළඟාවීමට කටයුතු යොදා ඇත.

එමෙන් ම 23, 25, 27, 29 සහ ජනවාරි 03, 05, 07 යන දිනවලදී පෙරවරු 7.15ට බදුල්ලෙන් ගමන් ආරම්භ කරන දුම්රිය පස්වරු 6.12ට කොළඹ කොටුව වෙත ළඟාවීඹට ද කටයුතු යොදා ඇත.

මෙම විශේෂ දුම්රිය නැරඹුම් මැදරියකින්, දෙවන පන්තියේ මැදිරි දෙකකින් හා තුන්වැනි පන්තියේ මැදරි දෙකකින් යුක්ත වේ.

දුම්රිය සාමාන්‍යාධිකාරි මහානාම අබේවික්‍රම මහතාගේ උපදෙස් හා ජනතාවගේ ඉල්ලීම පරිදි මෙලෙස සාමාන්‍ය දිනවලදී ධාවනය වන දුම්රියයන්ට අමතර ව විශේෂ දුම්රියක් ධාවනයට යොදවා ඇති බව හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

DE සිල්වා