FAST NEWS

24×7 Around the Globe

ගුරුවරු පළමු වාරයේදිම දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයකට යයි..

නව සේවා ව්‍යවස්ථාව අනුව 2011 වර්ෂයේ සිට සිට ගෙවිය යුතු හිඟ වැටුප් ගෙවිම තවදුරටත් නොගෙවන්නේ නම්, ලබන වසරේ පළමු වාරයේදිම දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹිමට තීරණය කර ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි.

2014 ඔක්තොම්බර් 23 වැනිදා එළිදැක්වුණූ එම යෝජනා අනුව 2008 වර්ෂයේ සිට පත්විම් ගත් ගුරුවරුන්ගේ උසස්විම් සකසා ඔවුන්ගේ හිඟ වැටුප් 2011 වර්ෂයේ ජනවාරි 01 වැනිදා සිට ගෙවිය යුතුව ඇතැයි එම සංගමයේ ලේකම් ජොෂප් ස්ටාර්ලින් පෙන්වා දෙයි.

එහෙත් මෙ වන තෙක්ම හිඟ වැටුප් ගෙවා නොමැති බවත් ,එලෙස වැටුප් ගෙවිය යුතු ගුරුවරුන් 8,000 ක් පමණ කොළඹ අධ්‍යාපන කලාපය තුළ පමණක් සිටින බවත් එ මහතා පෙන්වා දෙයි.

අතැම් ගුරුවරුන්ගේ උසස් විම් පවා මෙතෙක් සදා අවසන් වී නැති බවත්, උසස් විම් සදා අවසන් කළ ගුරුවරුන්ගේ හෝ හිඟ වැටුප් ගෙවිමට රේඛීය හා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ වලින් මුදල් වෙන්කර නොමැති බවද එ මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියි.

DE සිල්වා