FAST NEWS

24×7 Around the Globe

පරාජයට හේතුව සහ තිලාන් සමරවීර ගැන උපුල්ත තරංග මාධ්‍යයට කියයි..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර කටක්හි පැවැති පළමු විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකාවේ පිතිකරණය පිළිබඳව කනගාටුවෙන බව ශ්‍රීලංකා ආරම්භක පිතිකරු උපුල් තරංග තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කර තිබේ.

“ පළමු කරුණ තමයි අපි පිතිකරණය ගැන කණගාටු වෙනවා. ඒ වගේම පන්දු යැවීම ගැනත්. මම හිතනවා අපි හොඳන් ආරම්භ කළා. අපි මැද හොඳින් සිදු කළා. නමුත් අවසන් පන්දුවාර කිහිපයේදී අපි වැඩි වශයෙන් හයේ හා හතරේ පහරවල් දුන්නා. ඒ අනතුරුව අපෙන් තරගය ගිලිහුණා.”

“ ඇත්තටම අපි ඒ ගැන සිතනවා. අපි ලංකාවෙන් එනවිට පළමු කරුණ වුණේ තරග කිරීමයි. අපි පිතිකරණයේ යෙදුණ ආකාරය ගැන කනගාටු වෙනවා. අවම වශයෙන් අපි පන්දුවාර 20ක් වත් ක්‍රීඩා කළ යුතුව තිබුණා. පරාජය කමක් නෑ. නමුත් අවම වශයෙන් අපි ඉලක්කයට සමීප වෙන්න හරි තිබුණා.”

සිය පිතකරණ තත්වය ඉහළ නංවා ගැනීම සදහා නව පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීරගේ සේවය උපකාරී වූ බවද හෙතෙම සඳහන් කළේය.

“ මම තිලාන් සමග වසර කිහිපයක් ක්‍රීඩා කර තිබෙනවා. මම කණ්ඩායමට එන විට ඔහු ජ්‍යෙෂ්ඨයෙක්. ඔහු  මට ගොඩක් උපකාර කළා.

මම දැල තුළ පුහුණුවීම් කර අවසන් වූ විට තිලාන් මා වෙතට පැමිණ අහුවා ඇයි මගේ පිතිකරණයේදී පාද හැසිරවීම වෙනස් කළේ කියා. ඔහු කිව්වා මම මීට වසර කිහිපයකට පෙර පිතිකරණයේ යෙදුණේ මේ ආකාරයෙන් නොවෙයි කියා.

මම ඔහුට කිව්වේ මම ගොඩක් වෙනස් කළේ නෑ. එය තරමක් සිදුවී ඇති බවයි. ඉන් අනතුරුව ඔහු මගෙත් සමග වැඩ කළා. ඉන් අනතුරුව මම හොඳින් පිතිකරණයේ යෙදුණා. ගෞරවය තිලාන්ට යා යුතුයි”

DE සිල්වා