FAST NEWS

24×7 Around the Globe

උත්සව සමය වෙනුවෙන් විශේෂ බස් රථ සේවා අද සිට..

එළඹෙන උත්සව සමය ඉලක්ක කර දීපව්‍යාප්තව අද (21) සිට ජනවාරි මස 03 වැනිදා දක්වා විශේෂ බස් රථ සේවා ආරම්භ කරන බව, ලංකා ගමනාගමන මණ්ඩලයේ මෙහෙයුම් අධ්‍යක්ෂ, ටී. ඒ. චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.

ඒ සඳහා අතිරේක බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක් යොදවන බව හෙතෙම සඳහන් කළේය.

මීට අමතරව කතෝලික බැතිමතුන් වැඩි වශයෙන් සිටින වත්තල, ජාඇල, මීගමුව, වැලිසර, හලාවත, කළුතර සහ කොළඹ ප්‍රදේශවලට වැඩි වශයෙන් බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බවද එ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

DE සිල්වා