FAST NEWS

24×7 Around the Globe

වායුගෝලයේ තරංගාකාර කැළඹිලි ස්භාවයෙන් තවදුරටත් වැසි..

දිවයින ආසන්නයේ වායුගෝලයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයින පුරා අහස වළාකුලින් බරව පවතින බවත්, වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙන බවද කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (21) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.

එසේම අද දිනව තුළ උතුරු, උතුරුමැද,නැගෙනහිර,දකුණ සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වන බවත්,
සෙසු පළාත්වල (තැනින් තැන) සවස 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

නැගෙනහිර,සබරගමුව,දකුණු සහ ඌව පළාත්වල සහ කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මි.75 ඉක්මවු තද වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.

DE සිල්වා