FAST NEWS

24×7 Around the Globe

ආයතන 248ක් සඳහා නාමයෝජනා භාර ගැනීම අදින් අවසන්..

පළාත් පාලන ආයතන 248ක් සඳහා නාමයෝජනා භාර ගැනීම අද (21) මධ්‍යහන 12 න් අවසන් වීමට නියමිතව තිබේ.

පළාත් පාලන මැතිවරණයට අදාළ ආයතන 248 ක් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ (20) දහවල් 12 න් අවසන් විය.

ඒ අනූව ඇප මුදල් තැන්පත් කර ඇති දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාව 1652 ක් බව මැතිවරණ කොමීෂන් සභාව පවසයි.

මෙවර පළාත් පාලන මැතිවරණය පෙබරවාරී 10 වන දා පැවැත්වෙන අතර ඊට අදාළ ගැසට් නිවේදනය ලබන 26 වන දා නිකුත් කීරිමට නියමීතව තිබේ.

DE සිල්වා