සයිටම් ආයතනය අහෝසි කරන බවට ආණ්ඩුව ලබාදුන් පොරොන්දුව කඩකරමින් සිටින බැවින් හෙට (21) සිට විරෝධතා ක්‍රියාමාර්ග දියත් කරන බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව සඳහන් කරයි.
මේ අනුව හෙට වෛද්‍ය පීඨ 08 ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට සැලසුම් කර තිබේ.
මෙම පිරිස්වල ප්‍රධාන ඉල්ලීම වී ඇත්තේ පොරොන්දු වූ ආකාරයට 31 වැනිදා වනවිට සයිටම් ආයතනය අහෝසි කර එම ආයතනයේ අධ්‍යාපනය හැදෑරු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සකස් කිරීමට නියමිත රාජ්‍ය වෛද්‍ය පීඨයක් තුළින් වෛද්‍ය අධ්‍යාපනය ලබාදෙන ලෙසයි.
මෙම ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර නොදක්වා සයිටම් අහෝසි කිරීම දිගින් දිගටම කල්දැමීමට උත්සාහ කළහොත් ජනවාරි මාසයේ සිට පන්ති වර්ජනයක් සිදුකිරීමට සැලසුම් කර තිබෙන බවද එම කමිටුව සඳහන් කරයි.
DE සිල්වා








