FAST NEWS

24×7 Around the Globe

කොත්මලේ ජලාශයේ වාන් දොරටු 03 ක් විවෘත කෙරේ..

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමගම ඉහළ කොත්මලේ ජලාශයේ අද (20) වාන් දොරටු තුනක් විවෘත කළ බවත් ,සෙසු වාන් දොරටු ස්වයංකි‍්‍රයව විවෘත වන නිසා වේල්ලට පහළින් කොත්මලාඔයේ ජලය පරිහරණය කරන පුද්ගලයින්ට විමසිල්ලෙන් සිටින ලෙස ඉහළ කොත්මලේ ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමගම ප‍්‍රදේශය පුරා ඝණ මිදුමි තත්ත්වයක්ද පවතියි.

 

DE සිල්වා