FAST NEWS

24×7 Around the Globe

හිටපු ප්ලොට් සාමාජිකයෙකු අවි ආයුධ සමග අත්අඩංගුවට..

හිටපු ප්ලොට් සාමාජිකයෙකු අවි ආයුධ සමග ඊයේ (19) දින අත්අඩංගුවට ගත් බව යාපනය ‍පොලීසිය පවසයි.

යාපනය, රෝහල පාරේ නිවසක සිටියදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ යාපනය, මානිප්පායි පදිංචි රාජනායගම් ශිව කුමාර් නමැත්තෙකි.

මොහු රෝහල පාරේ නිවස කුලී පදනම මත ලබාගෙන ඇති අතර එහි හිමිකරු විදේශගතව සිටින අයෙකු බවත් මොහු අදාළ කුලී කාලයෙන් පසු නිවසින් පිටත්ව නොයෑම නිසා හිමිකරු විසින් සිය ඥාතීන් හරහා යාපනය ‍පොලීසිය වෙත පැමිණිලි කර තිබේ.

පොලීසිය එම පැමිණිල්ල විභාග කිරීම සඳහා එම නිවසට ගිය අවස්ථාවේ මෙම අවි ආයුධ ‍පොලීසියට හමු වී තිබේ.

ටී 56 ගිනි අවියක්, ටී 56 සඳහා භාවිතා කරන මැගසින් 06ක්, උණ්ඩ 399ක්, පිස්තෝලයක් හා කඩු දෙකක් මෙම අවි ආයුධ අතර තිබූ බව ‍පොලීසිය පවසයි.

මොහු සන්තකයේ තිබූ කඩු ආවා කල්ලිය භාවිතා කරන කඩුවලට සමාන බවත් මොහු කුමන කාර්යයක් සඳහා මෙම අවි ආයුධ සන්තකයේ තබා ගත්තාද යන්න යාපනය ‍පොලීසිය පරීක්ෂණ සිදු කරයි.

DE සිල්වා