FAST NEWS

24×7 Around the Globe

තේ සම්බන්ධ සාකච්ඡා සඳහා රැසියාවෙන් දිනයක් නෑ..

තේ සම්බන්ධයෙන් ඇති වූ ගැටලුව නිරාකරණය සඳහා ශ්‍රී ලංකාවෙන් රුසියාවට යාමට තාක්ෂණික කණ්ඩායම සූදානම් වුවද එරට රජය තවමත් සාකච්ඡා සඳහා දිනයක් ලබාදී නැතැයි තේ කොමසාරිස් ඊ.ඒ.ජේ.කේ. එදිරිසිංහ මහතා මාධ්‍ය වෙත පැවැසීය.

රුසියාවේ සිටින ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය එරට රජය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බවද ඒ මහතා පැවැසීය.

ශ්‍රී ලංකාවෙන් අපනයනය කළ තේ වල සිටි කෘමියා ලංකාවේ නැති බවත් එම කෘමියා ලංකාවේ සිටින කෘමියෙක් යැයි බියෙන් රුසියාව මෙරට කෘෂිකාර්මික ද්‍රව්‍ය ආනයනය කිරීම තහනම් කර ඇති බවත් හෙතෙම කීය. රුසියාවේ සිටින මෙරට නියෝජිතයින් මේ සම්බන්ධයෙන් එරට රජය සමග මේ වන විට සාකච්ඡා කරන බවද ඒ මහතා පැවැසීය.