FAST NEWS

24×7 Around the Globe

ආයතන 248 ක් සඳහා ඇප තැන්පත් කිරීම අදින් අවසන්..

2018 පෙබරවාරි 10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන ඡන්ද වීමසීමට අදාළ පළාත් පාලන ආයතන 248 ක් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද 20 දහවල් 12.00 ට අවසන් වීමට නියමීත බව මැතිවරණ කොමීෂන් සභාව පවසයි.

එසේම පසුගිය 18 වැනිදා මධයහන 12 ආරම්භ කළ නාමයෝජනා භාරගැනීම හෙට (21) දහවල් 12.00න් අවසන්වීමට නියමිතය.

අනතුරුව පැය එකහමාරක කාලයක් විරෝධතා දැක්වීම සඳහා අවස්ථාව ලබාදෙන අතර පස්වරු 1.30ට තේරීම්භාර නිළධාරීන් විසින් නාමයෝජනා පිළිබඳ තීරණය ලබාදීමට නියමීතය.

මේ අතර තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ද ( 22) සිකුරාදා දිනයෙන් අවසන් වීමට නියමීත බව මැතිවරණ කොමීෂන් සභාව අවධාරණය කළේය.